top of page
< Back

Applicant Name:

Kimaya Herath

Title of Artwork:

රැකගමු ජීවන වියන අපේ ඕසෝන්

Category:

Drawing

Artwork Description

මෙය පාට පැන්සල් මගින් A4 කොළයක් මත කළ නිර්මාණයකි . මෙහි ඕසෝන් වියන ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කළ යුතු දෑ සහ ඕසෝන් වියන හානී වීමට ප්‍රදාන ලෙසටම බලපාන සාධක පෙන්වා ඇත . පැළ සිටුවීම , තිබෙන ගස් වැල් ආරක්ෂා කිරීම ඕසෝන් වියන රැකගැනීම වෙනුවෙන් ප්‍රධාන වශයෙන් කළ හැකි දෑ ලෙස පෙන්වා ඇත . අවට වායුගෝලීය උෂ්ණත්වය අවම කිරීම සහ වායු දූෂණය අවම වන පරිදි පෘථිවි වාසීන් කටයුතු කළ යුතු බවත් සූර්ය තාපය යොදා ගනිමින් විදුලි බලය නිෂ්පාදනය , එම විදුලියෙන් ක්‍රියාත්මක වන වාහන භාවිතය , කර්මාන්ත සහ ගෘහස්ථ විදුලිය ලබා ගැනීම , පාපැදි භාවිතය පෙන්වා ඇත . එලෙසම ඕසෝන් වියන රැකගැනීමේ වැදගත් කම ගැන ලෝකය දැනුවත් කිරීම සහ පරිසර හිතකාමී ජීවන රටාවකට හුරු වීමද පෙන්වා ඇත . ඕසෝන් වියනට හානීකාරක ලෙස වාහන මගින් පිටවන දුම , කර්මාන්ත ශාලා ආශ්‍රිත විෂ දුම් , ශීතකරණ සහ වායුසමීකරණ යන්ත්‍ර මගින් පිටවන වායූන් මෙන්ම පරිසරයට අපද්‍රව්‍ය එකතු කිරීම මගින් පිටවන විෂ වායු ද පෙන්වා ඇත . ගස් කැපීම සහ වනාන්තර ගිනි තැබීම මගින් වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමද ඕසෝන් වියන සිදුරු වීමට හේතු වන බව පෙන්වා ඇත . සමස්තයක් ලෙස ඕසෝන් වියන රැකගැනීම මගින් මානව වර්ගයාට පමණක් නොව කෘමීන් වැනි කුඩාම සතුන්ට පවාද විශාල වශයෙන් වැදගත් බව පෙන්වා ඇත .

Evaluate:

My list

Comments:

Cancel
Submit
loading.gif

loading ....

You need to login to access this page.

bottom of page