top of page
< Back

Applicant Name:

Pawani Premathilaka

Title of Artwork:

කෙළවර නොවන කසළ ප්‍රශ්නය .-18 / 03 / 2022

Category:

Photography

Artwork Description

එදිනෙදා ක්‍රියාවලියන්ගෙන් ජනිත වී ඉවත දමනු ලබන ආර්ථිකමය වශයෙන් වටිනාකමක් නොමැතියැයි සැලකෙන ඝන තත්ත්වයේ අපද්‍රව්‍ය ඝන අපද්‍රව්‍ය ලෙසින් හඳුන්වනු ලැබේ . කඩදාසි, කාඩ්බෝඩ්, වීදුරු, ප්ලාස්ටික්, පොලිතීන්, ලෝහ වර්ග, පොල්කටු, ඉවත ලද විවිධ ආහාර ද්‍රව්‍ය වැනි දේවල් ඒ අතරට අයත් වේ. ජනගහනයෙහි සිදුවුණු වර්ධනයත් සමග ඝන අපද්‍රව්‍ය ක්‍රමවත් ලෙස බැහැර කිරීම බහුල වශයෙන් සිදුවී ඇත. එම නිසා නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ගැටලු කීපයක් නිර්මාණය වී තිබේ . ඝන අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම නිසා ඇතිවන ගැටලු වැඩි වශයෙන් පවතී .

01 අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම නිසා තැනින් තැන කසළ ගොඩවල් දක්නට ලැබීම . එවිට පරිසරයේ තිබෙන අලංකාර බව නැතිවීම . 02 කසළ ගොඩවල් ගිනි තැබීම නිසා අහිතකර වායූන් වායුගෝලයට එකතු වීම . ( විශේෂයෙන් ඕසෝන් වියනට හානි කරයි . )
03 අපද්‍රව්‍ය ජලයට එකතු වීම නිසා පානීය ජලය අපවිත්‍ර වී පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වීම .
වැනි කරුණු බොහෝය. මෙම අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීමෙන් ඔබට මෙන්ම රටටත් කිසිදු ප්‍රතිඵලයක් නොමැත. එම නිසා මෙම අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කිරීම සදහා පියවර ගත යුතුය .

01 අකාබනික ද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය කිරීම .
02 ප්‍රජා සහභාගිත්වය ගෘහස්ථ කොම්පෝස්ට් නිශ්පාදන පද්ධති
( උදා :- කොම්පෝස්ට් බඳුන් , ජීව වායු ඒකක )
03 ජනනය වන ස්ථානයේදී ම අපද්‍රව්‍ය වෙන්කරන සංකල්පය.
අපගේ පරිසරය පිරිසිදුව තබා ගැනීම සදහා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම අනිවාර්යයෙන්ම සිදු කළයුතුය . එමගින් ඔබගේත් පෘථිවිය තුළ ජීවත්වන සියලු ජීවීන්ගෙත් ජීවිත ආරක්ෂා වනවාත් සමගම, සුන්දර පරිසරයත් සමගම හෙටක් උදා වේ .

Evaluate:

My list

Comments:

Cancel
Submit
loading.gif

loading ....

You need to login to access this page.

bottom of page