top of page
< Back

Applicant Name:

nethmini kavindya

Title of Artwork:

මිහිලිය ආරක්ෂා කරන සැගවුණු මිත්‍රයා වන ඕසෝන් වියන

Category:

Drawing

Artwork Description

මෙම සිතුවම තුළින් විද්‍යාමාන වන්නේ මිහිලිය ආරක්ෂා කරන සැගවුණු මිත්‍රයා වන ඕසෝන් වියන පිළිබඳවයි. මා මේ සිතුවම තුළින් ඉදිරිපත් කිරීමට උත්සාහ ගනු ලබන්නේ මිනිසුන්ගේ වැරදි ක්‍රියා හේතුවෙන් ඕසෝන් වියනේ සිදුරු හට ගැනීමට පටන් ගතහොත් කිසිවෙකුටත් එය වැළැක්විය නොහැකි බවයි. එසේ සිදු වුවහොත් පෘථිවියට පැමිණෙන අහිතකර සූර්ය කිරණ මගින් විවිධ රෝගාබාධවලට ජීවීන්ට මුහුණ දීමට සිදු වනු ඇත. එම රෝග ලෙස නුසුදුසු කාල වලදී සම රැලි වැටීම, සමෙහි පිළිකා හට ගැනීම, සම පිළිස්සීම වැනි දෑ සිදු විය හැක.
මෙම සිතුවම කොටස් දෙකකට බෙදා මා පෙන්වා දෙනු ලබන්නේ ශරීර ගැටලු පමණක් නොව දේශගුණය වෙනස්වීම හා පරිසර උෂ්ණත්වය ඉහළ යෑමයි. පරිසර උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් ජල හිඟය ද ඇති වී එමගින් ශාක නොවැඩීම හේතුවෙන් ඔක්සිජන් ප්‍රතිශතයද සීමිත වී මිනිසාට කෘතීම ස්වසනය ලබා ගැනීමට සිදු වේ. එමගින් මිනිසාට තම පවුල් පරිසරයෙන් මදක් ඈත් වී කටයුතු කිරීමට ද සිදු වේ. එසේ සිදු වුවහොත් විවිධ මානසික ගැටලුවලට ද මුහුණ දීමට සිදු වනු ඇත.
මෙම සිතුවමේ ඇද ඇති පෘථිවිය ඔරලෝසුවක් වැනි වර්ෂ චක්‍රයක් ලෙස සකස් කර ඇත. මෙයින් මා අදහස් කරන්නේ වර්තමානය 2022 වර්ෂයේ දී අප මෙම විනාශය නැවතීමට පටන් ගතහොත් ඕසොන් වියන ආරක්ෂා කර ගැනීමට හැකි බවත්, කාලය සීමිත බවත් ය . එම නිසා මෙම මහා විනාශය වැළැක්වීමට නම් කර්මාන්ත ශාලා පමණට වඩා ඉදි නොකිරීම, කැඩී බිදී ගිය විද්‍යුත් උපකරණ පරිසරයට මුදා හැරීමෙන් වැළකීම හෝ ඒවා නැවත සකසා පරිහරණයට ද ගත හැකි ය. තවද ශාක පමණට වඩා නොකපා කැපූ ශාක වෙනුවට නව ශාක සිටුවීමට ද මිනිසුන් වන අපට පහසුවෙන්ම කළ හැක. අපගේ මේ අඩු අවධානය වැඩි අවධානමක් කර අනාගතය සුරකිමු.

Evaluate:

My list

Comments:

Cancel
Submit
loading.gif

loading ....

You need to login to access this page.

bottom of page