
Applicant Name:
P.M.P.A. Nishanthi
Title of Artwork:
මිහිමව සුරකින ලොවට උඩින් ඉහිලු කුඩය සුරකිමු
Category:
Drawing
Artwork Description
මෙම චිත්‍ර සිතුවම මා විසින් නිර්මාණය කරන ලද්දේ පෝස්ටරයක ස්වරූපයෙනි.මෙහිදී මා ප්‍රේක්ෂක ජනයාගේ මනස තුළට කා වැද්දීමට උත්සාහ දරූයේ ලොවක් සුරකින ඔිසෝන් වියන සුරැකීම තුළින් ගොඩ නැගෙන සුන්දර වටපිටාව, සතා සිව්පාවා, ජන ජිවිතය, පිරිසිදු වාතලයට හුස්ම පොදකට පණ දීමට නිල්වන් හරිත වටපිටාව ජල ධාරා එහි පහස විදින සතුන් යන ස්වාභාවික පරිසරයේ සුන්දරත්වයක් කෙතරම් මේ ලොව තුළ අැති වෙනවාද යන්නයි.එසේම දැනට ඔිසෝන් වියන සුරැකීමට රටවල් දක්වන දායකත්වය ද විදහා දැක්වීමට මා උත්සාහ කරන ලදි.එවැනි රටවල් වල දායකත්වයෙන් සුරක්ෂිත වන මේ ලෝ තලයට ලගා වීමට නොහැකිව උරණ වු අහිතකර කිරණ මුදා හරින සුර්යයාගේ කිරණ දැක්වීමටද අමතක කළේ නොමැත."දෙඅතක් මත ලෝ තලය හිදුවා එය රැක ගැනීමට උර දෙන දේශයන් නැමති කුඩයෙන්" අාවරණය කර සිටින අාකාරය මෙම සිතුවමෙන් විදහා දැක්වෙයි.
මෙම පෝස්ටරය දකින ලොකු, කුඩා සියළු දෙනාට යම් අවබෝධයක් ලබා ගත හැකි අයුරින් සිතුවම නිර්මාණය කිරිමට මම උත්සාහ කළෙමි.ස්තුතියි!
Evaluate:
My list
Comments:
