
Applicant Name:
Nilakshika Sathsarani
Title of Artwork:
නිහඬ ආරක්ෂකයා වන ඕසෝන් ස්ථරය තම ඇස මෙන් රැක ගනිමු.
Category:
Drawing
Artwork Description
ලොව රකින නිහඬ ආරක්ෂකයා.
ඕසෝන් ස්තරය යනු සූර්යයාගේ සිට පෘථිවියට පැමිණෙන අහිතකර සූර්ය කිරණවලින් පෘථිවිය ආරක්ෂා කර ගැනීමට පෘථිවියට ඉහළින් ඇති ස්ථරයයි. වර්තමානය වන විට මෙම ස්ථීරය විනාශ වෙමින් පවතී. ඕසෝන් ස්ථරය නොමැතිව පෘතුවියේ කිසිම ජීවියෙකුට හෝ ශාකයකට ජීවත්වීමට හා වර්ධනය වීමට නොහැකි ය. ඕසෝන් ස්ථරය විනාශ වීමට ඍජුවම බලපා ඇත්තේ මිනිස් අවශ්‍යතා සඳහා පරිසරය වෙනස් කිරීමයි. කර්මාන්ත ශාලා ඉදි කිරීම, ගස් කැපීම වැනි මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරය දූෂණය වේ. එය ඕසෝන් ස්තරයට ප්‍රබල බලපෑමක් ඇති කරයි. කර්මාන්තශාලා සහ වාහන මගින් පිටවන පරිසරයට අහිතකර විෂ දුම් මගින් ගෝලීය උණුසුම ඉහළ යයි. වාතය අපිරිසිදු වේ. මෙම සිදුවීම් නිසා ඕසෝන් වියන අපිරිසිදු වේ. මෙම සිදුවීම් ඕසෝන් ස්තරයට බලපෑම් සිදුකරයි. නිසි වෙලාවට වර්ෂාව නොමැති වීම නිසා දිය උල්පත්, ඇළ දොල, ගංගා, සිදී යයි. ජලය නොමැතිකම සහ අධික උෂ්ණත්ව දරාගත නොහැකිව මිනිසුන් සහ ශාක වඳ වීම සහ මිය යෑම හෝ කෘතිම ශ්වසනය ලබාගැනීමට ද සිදුවේ. එවිට ඕසෝන් ස්ථරය තම ඇස මෙන් ආරක්ෂා කරගත යුතු බව මිනිසුන්ට පැහැදිලි වේ. අවසානයේ දී මිනිසුන් තේරුම් ගන්නවා ජීවය රදා පවතින්න නම් ඕසෝන් වියන අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා පරිසරය රැක ගැනීම අපගෙ යුතුකමක් වන බව පසක් වේ. මේ තුළින් නිරායාසයෙන් ම ඕසෝන් වියන ආරක්ෂා වන බවත් කර්මාන්තශාලා ඉදිකර ලෝක දියුණුව ළඟා කර ගත්තාට ඒ තුළින් මිනිසුන්ට ජීවත් විය නොහැකි බවත්, ජීවත්වීමට නම් හුස්ම ගැනීමට අවශ්‍ය බවත් හුස්ම ගැනීමට නම් ශාක සහ පිරිසිදු වාතය අවශ්‍ය බවත් පරිසරය රැක ගැනීමෙන් ඕසෝන් වියන ආරක්ෂා කර ගැනීමට හැකි නිසා පසු ඔසොන් වියන ආරක්ෂා කර ගැනීමට පෙළඹෙයි. පරිසරය ආරක්ෂා කිරීමේ මුල් පියවර වන්නේ බහුල ලෙස ශාක සිටුවීමයි. ඉන් පසු ගස් කැපීම අවම කිරීම, මිනිසුන් කපන ගස් සඳහා නව ශාක සිටුවීම, කළ යුතුය. කර්මාන්තශාලාවලින් පිටවන විෂ වායු ප්‍රමාණය අවම කළ යුතුය. මේ සඳහා පිටවන වායු පෙරනයක් මගින් පෙරීම සිදු කර පරිසරයට මුදා හැරීම සිදු කළ හැකිය. ඕසෝන් ස්ථරය විනාශ වීමෙන් පරිසරයට වැටෙන හිරු කිරණට නිරාවරණය වීමෙන් විවිධ රෝග හට ගනී. අහිතකර පාරජම්බුල කිරණවලින් අපිව ආරක්ෂා කරන පරිසරයට ජීවය ලබාදෙන මෙවන් උපකාර රැසක් සිදු කරන ලොව රකින අපේ නිහඬ ආරක්ෂකයා වන ඕසෝන් ස්ථරය තම ඇස මෙන් රැක ගනිමු.
Evaluate:
My list
Comments:
