
Applicant Name:
Pawani Premathilaka
Title of Artwork:
වනය සුරැකීම අපේ පරම යුතුකමයි -14 / 03 / 2022
Category:
Photography
Artwork Description
වගාබිම්, තෘණ භූමි, නාගරීකරණය, හිස් භුමි සදහා මෙන්ම දැව හා ඉන්ධන අවශ්‍යතා සදහා වනාන්තර එළි පෙහෙළි කිරීම වන විනාශය නම් වේ. සාමාන්‍යයෙන් සැලකිය යුතු කැලෑ ප්‍රදේශයක් එළි පෙහෙළි කිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ පරිසරය විනාශවීමයි. වනාන්තර විනාශයෙන් අපට වඩාත්ම බලපාන දෙය නම්, හරිතාගාර ආචරණය වැඩි වීම මත, විමෝචනය වන Co2 අවශෝෂණය කර ගැනීමට හා එමගින් වායුගෝලයේ ඇති වායූන් ප්‍රමාණය අඩු කිරීමට තරම් ගස් නොමැති වීමත්ය . මෙය දේශගුණික විපර්යාස සදහා ද බලපානු ලබයි. මේ ආකාරයෙන් තවදුරටත් වනාන්තර එළිවේ නම්, එය දේශගුණය වෙනස් වීම හා ඕසෝන් ස්ථරය ක්ෂය වීම උග්‍ර කිරීමට හේතු වනු ඇත. එමෙන්ම ලෝකයේ ඉහළ යන ජනගහනය සදහා අවශ්‍ය කෘෂි නිශ්පාදන ( ආහාර, සත්ත්ව ආහාර හා ඉන්ධන ද්‍රව්‍ය ) සැපයීම සදහා නව වගාබිම් අවශ්‍යය. ඒ නිසා ඉදිරියේ දී තවත් වනාන්තර විශාල ප්‍රමාණයක් විනාශවීමේ අනතුරක් පවතී. මේ තත්ත්වය වැලැක්වීම සදහා ඉතා ඉක්මන් විසඳුමක් අවශ්‍ය බව ඒ පැහැදිලිය .
Evaluate:
My list
Comments:
